කුරුලෑ ලප කැළැල් ඉවත් කරගන්න 100% ස්වභාවික බෙහෙතක්

මේ ලිපිය විශේෂයෙන්ම කුරුලෑ වලින් පීඩා විඳින කට්ටිය සඳහාමයි. යම් ක‍්‍රම වලට කුරුලෑ හොඳ කර ගත්තා වුණත් ඒවා නිසා ඉතුරු වන වලවල් සහ පැල්ලම් අයින් කර ගන්න එක ඒ තරම් ලේසි නෑ. මේ වෙලාවට වැඩි දෙනා කරන්නේ කඩෙන් ගන්න මොකක් හරි ක‍්‍රීම් වර්ගයක් හරි බෙහෙතක් හරි මුහුණේ ගාන එක තමයි. මේවා වලින් වුණත් ඇක්නි කැළැල් අඩු වෙලා යනවා තමයි. ඒත් පොඩි ගැටළු දෙකක් තියනවා. එකක් තමයි මේවා හදන්න යොදා ගන්න රසායන ද‍්‍රව්‍ය. කොච්චර ස්වභාවික දේවල් දැම්මත් කල් තියා ගන්න එකතු කරන දේවල් මුහුණට අහිතකර වෙලා සමහරුන්ට ආසාත්මිකතා ඇති වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි මේවා ගාන එක නවත්තුවම ආපහු කැළැල් මතු වෙන එක. එයාල තමන්ගේ නිෂ්පාදන විකුණා ගන්න හිතාමතාම මේ වගේ පාවිච්චි කරන කාලයට විතරක් ප‍්‍රතිඵල ලැබෙන්නයි නිෂ්පාදනය කරන්නේ.

කොහොම වුණත් ඒ වෙනුවට කරන්න පුළුවන් ස්වභාවික සත්කාර  ඕන තරම් තියනවා. අපේ සයිට් එකෙන් මේ ස්වභාවික දේවල් හදලා විකුණන්නේ නැහැනේ. ඉතින් අපිට ඔබේ අපහසුතාවන් වවාගෙන කන්න  ඕන නෑ. එක පාරක් කරපු ගමන් ගැටලූවට විසඳුම් ලැබෙන ක‍්‍රම තමයි ඒ නිසා අපි හැම වෙලාවේම ඉදිරිපත් කරන්නේ. නිෂ්පාදකයෝ වගේ හැමදාම නිෂ්පාදන විකුණා ගන්න අපිට අවශ්‍ය නැහැ.

මේ තියන දේවල් ලබා ගන්න පහසුයි වගේම ඔය ක‍්‍රීම් වර්ග කොයි එකටත් වඩා මිලෙන් හරිම අඩුයි. මාකට් එකේ ගන්න තියෙන දේවල් වල අඩංගු කිසිම අහිතකර රසායනිකයක් පාවිච්චි වෙන්නේ නැහැ. මේ නිසා බය නැතිව මේ ක‍්‍රම පාවිච්චි කරන්න. මෙන්න එහෙනම් ඉතා අඩු කාලයකින් ඇක්නි පැල්ලම් නැති කර ගන්න පුළුවන් සංයෝගය හදා ගන්න විදිහ.

අවශ්‍ය දේ
ලෙමන් යුෂ තේ හැඳි 4ක්
මී පැණි තේ හැඳි 4ක්
බිත්තර 1ක සුදු මදය

හදා ගන්න විදිහ
වීදුරු භාජනයක් අරගෙන මේ ටික සේරම එකට කවලම් කර ගන්න. හොඳට මිශ‍්‍ර වුණාම ක‍්‍රීම් එකක් වගේ හැදේවි’ දැන් මේ මිශ‍්‍රණය අරගෙන ඔබේ මුහුණේ ගාන්න. මේකේ තියන ක‍්‍රියාකාරීත්වය නිසා ඇගේ වෙනත්  ඕනෑම තැනක තියෙන අළු හම්, කොරල එහෙම වුණත් සුව කර ගන්න පුළුවන්, ඉතින් මේ විදිහට ඒ තැන් වල මිශ‍්‍රණය ගාල විනාඩි 20ක් වගේ තියන්න, ඊට පස්සේ ලා උණු වතුරෙන් සෝදලා දාන්න. සබන් පාවිච්චි කරන්න එපා,

මේකට පුළුවන් නම් ස්වභාවික මී පැණි ගන්න බලන්න. හොඳම දේ ආයුර්වේද වෙළඳසැලකින් ගන්න එකයි. සුපර් මාකට් වල තියෙන සමහර නිෂ්පාදන සීනි කවලම් කරපු ඒවා වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේකේ සම්පුර්ණ ප‍්‍රයෝජනය ගන්න අමාරුයි.

මේ වැඬේ දින 20ක් 30ක් හැමදාම කරන්න. ටිකක් කල් යනවා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේ මාසේ කරාම ලප කැළැල් ටික සදහටම ඉවත් වෙනවා. ආයේ කවදාවත් ඇක්නි පැල්ලම් ගැන වද වෙන්න දෙයක් නෑ. අලූතෙන් ලැබුණු ලස්සනත් එක්ක සතුටින් ඉන්න විතරයි තියෙන්නේ.
Share on Google Plus

About Sajeewa sampath

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment